Off Grid Solar Panel System Under Rs 20,000/- | DIY Sinhala Part 02

OFF GRID Solar Panel System එකක් ගෙදරදිම හදා ගන්න විදියක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නෙ. ඒ වගේම අපිට ගැලපෙනම Solar Panel එක, Charge Controller එක, Battery එක තෝරගන්න විදිය ගැනත් ඔයාලට දැනගන්න පුලුවන්.    

අපි උදාහරණයක් ගැන හිතමුකො, රෑට 10W bulbs 4 ක් සහ 20W bulbs 1 ක් පාවිච්චි කරනවා  කියලා,

  • ON එකේ තියන bulbs වල මුලු වොට්(W) අගය = (10W * 4) + (20W * 1) = 60W

රාත්‍රී කාලයේ පැය 6ක් ලයිට් පාවිච්චි කරනවා නම්,

  • රාත්‍රී කාලයේ අවශ්‍ය වෙන වොට් පැය ගනන = 60W * 6h     = 360Wh

1. Solar Panel එක

දිනකට පැය 4ක් උපරිම සූර්යාලෝකය ලැබෙනවා යැයි සිතමු.

  • පැනලයේ වොට් ගනන  = 360Wh / 4h   = 90W

මේ අපිට අවශ්‍ය වොට් ගනනෙන් එන්නෙ අපේ solar panel එකෙන් out කරන වොට් ගණන. 90W කියන්නෙ උපරිම අගය වුනාට අපි panel එක ටිකක් වැඩි එකක් ගන්නවානම් හොදයි. 100w හරි 150w එකක් ගන්න පුලුවන්.

2. charge controller එක

100W panel එකෙන් නිපදවන ධාරාව = 100W / 12V (මුලු වොට් ගණන / 12V) = 8.33A

මේ උපරිම ඇම්පියර් ගණන පැනලයේ පිටුපස ස්ටිකරයේ ලියලා තියනවා.

මේ තියෙන්නෙ panel එකෙන් නිපදවන මුලු ධාරාව (8.3A). හැබැයි අපි තෝරගන්න ඕනි වෙන්නෙ මේ අගයට වඩා ටිකක් වැඩි charge controller එකක් 20A වගේ.

3. Battery එක

  • අවශ්‍ය ධාරිතාව = 360Wh / 12V (මුලු වොට් පැය ගණන /12V)    = 30Ah

මෙතනදිත් අපි මේ අගය වගේ දෙගුනයක් ධාරිතාව තියන battery එකක් use කරන්න ඕනෙ. ඔයාලට කැමති විදියට මේ අගයන් වෙනස් කරල ඔයලගෙ solar system එක හදා ගන්න පුලුවන්. එහෙනම් වැඩේ කරලා බලන්න. හැමෝටම සුබ පැතුම්!

One thought on “Off Grid Solar Panel System Under Rs 20,000/- | DIY Sinhala Part 02

  1. මාසෙට යුනිට් 125ක් විතර භාවිතා වන නිවසකට මේ වගේ offgrid සොලර් සිස්ටම් එකක් හදන්න කීයක් විතර යය්ද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *