PCB Soldering Tips සිංහලෙන් with Black PCB from JLCPCB

අද තියෙන්නේ කලු පාට PCB එකක්. හැමදාම කොළ පාටයි නිල් පාටයි විතරක්ම ප්‍රින්ට් කරන නිසා වෙනසකටත් එක්ක මේ පාර කලු පාටින් ප්‍රින්ට් කරලා බැලුවා. ඔයාලා හැමෝම දන්න NodeMCU එකේ තියෙන්නෙත් කලු පාට PCB එකක් නේ. මමත් ඇත්තටම් හිතන් හිටියේ මේකත් ඒ වගේ එයි කියලා. හැබයි ආවට පස්සේ තමයි දැක්කේ මේක සෑහෙන්න වෙනස් කියලා. මේකෙ සම්පූර්ණයෙන්ම mat finish එකක් තියන solder mask එකක් තමයි තිබුනේ. අල්ලලා බැලුවාම සෑහෙන්න වෙනස්. වැඩේ කරලා ඉවර උනාම mat finish එකට් එක්ක මාරම ලස්සනක් තියනවා PCB එකේ. JLCPCB එකෙන් තමයි ප්‍රින්ට් කලේ. ඉස්සර නම් කොළ පාට විතරයි $2 ට දු න්නේ. දැන් හැම පාටක්ම එකම ගාන. වෙනසකටත් එක්ක කලු පාට try කරලා බලන්න ඔයාලගෙ PCB වලට.

වීඩියෝ එකේ තියනවා කොහොමද අපි මේකේ soldering කරන්නේ කියලා ගොඩක්ම basic විදියට. Soldering bouth එකක් සහ soldering iron විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ tips වලට අමතරව ඔයාලා දන්න දේවලුත් ගොඩක් ඇති. හැමෝටම් දැනගන්න ඒවත් comment එකක් දාගෙන යන්න. ඉස්සරහට අලුත් වීඩියෝ ඔක්කොම මේ site එකේ දානවා ටිකක් වැඩිපුර විස්තරත් එක්ක. ඒ නිසා www.nisalhe.com සයිට් එක ගැන දන්නේ නැති යාලුවන්ටත් දැනගන්න මේ පෝස්ට් එකත් share කරලා සප් එකක් දෙන්න. හැමෝටම සුබ දවසක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *