Two Trees Sapphire Plus CoreXY 3D Printer

Spread the love

මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Two Trees ලාගේ Sapphire Plus කියන 3D Printer එක ගැන. Sapphire series එකේ Sapphire Pro සහ Sapphire Plus කියලා version 2 ක් එනවා. Pro එකේ build volume එක 235mm x 235mm x 235mm. Plus එකේ build volume එක 300mm x 300mm x 350mm. ඒ කියන්නේ Sapphire Plus එකේ ටිකක් ලොකු parts අපිට 3D print කරන්න පුලුවන්.

මේ 3D Printer එක AliExpress එකෙන් ලංකාවට ගෙන්වගන්න පුලුවන් – Buy from AliExpress

මේ 3D printer එක මම කලින් පෙන්නපු 3D printers වලට වඩා ටිකක් වෙනස්. අපි මේකට කියනවා CoreXY 3D printer එකක් කියලා. CoreXY method එකේදී X axis එකට එක stepper motor එකක් සහ Y axis එකට තව stepper motor වෙන වෙනම නෑ. මේ axis දෙකට stepper motor දෙකක් තිබුනත් ඒ දෙකේම combination එකකින් තමයි X axis එකේ සහ Y axis එකේ head එක move වෙන්නේ. මේ තියෙන්නේ head එකට stepper motors හරහා belts සම්බන්ධ වෙන විදිය.

source – www.corexy.com

මේ method එක නිසා print එකේ accuracy errors ගොඩක් අඩු වෙනවා, ඒ වගේම අපිට ගොඩක් speed print කරන්නත් පුලුවන්. ඒ වගේම මේ printer එකේ අපිට dual drive extruder එකක් දීලා තියනවා. ඒ කියන්නේ filament එක skip වෙන්න තියන chance එකත් සෑහෙන්න අඩුයි. Dual drive mechanism එක වැඩ කරන්නේ මේ විදියට.

source – www.bondtech.se

ඊට අමතරව මේ printer එකේ හැම axis එකකම movement වෙන්නේ linear rails වල. ඒ නිසා ගොඩක්ම smooth movement එකක් අපිට බලාගන්න පුලුවන්. Printer එක සම්පූර්ණයෙන්ම assemble කරන විදිය step-by-step video එකේ තියනවා. මේ printer එකේ sample prints සහ තවත් printer එක ගැන විස්තරත් වීඩියෝ එකෙන් බලන්න පුලුවන්.

Click


Spread the love