Arduino Sinhalen 23 – 16 Channel Servo Controller

Spread the love

 Arduino board එකට servo motors 10 ක් 15 ක් සම්බන්ධ කරලා ඒවා control කරන විදිය ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ. මෙහෙම කරන්නෙ arduio board එකේ තියන PWM pin ටික ඉතිරි කරගන්න සහ වැඩි servo motor ප්‍රමාණයක් එකවර සම්බන්ධ කරගන්න.UNO board එකක  තියෙන්නෙත් PWM pin 6 යි. මේ තියන pin 6 ට servo set වුනාම වෙන  දේකට PWM pin නැතිව යනවා. මේ ක්‍රමෙන් ඕනම arduino board එකක PWM pin ටික ඉතිරිකරගන්න  පුලුවන්.

මේ module එකේ තියෙන්නෙ PCA9685 කියන චිප් එක. මෙයා arduino board එකත් එක්ක කතා කරන්නෙ I2C කියන protocal එක හරහා. ඒ නිසා මෙයාට arduino board එකත් එක්ක communicate කරන්න ඕනි වෙන්නෙ pin 2ක් විතරයි. මේ විදියට servo motors ගොඩක් පාවිච්චිවෙන තැන් ගැන කිව්වොත් Hexa robot, Robo arms වගේ තව ගොඩක් යෙදීම්  ගැන කතා  කරන්න පුලුවන්.

එහෙනම්   වීඩියො  එක බලලා අලුත් දෙයක් try කරන්න. යාලුවන්ටත් දැනගන්න වීඩියෝ එක Share  කරන්න අමතක කරන්න එපා.


Spread the love