Arduino Sinhalen 24 – Send SMS & Call from SIM900 GSM Module

Spread the love

අද අපි කතා කරන්න යන්නේ GSM module එක ගැන. අපිට මේකෙන් පුලුවන් call ගන්න සහ SMS send කරන්න.මීට අමතරව data connection එක හරහා අන්ථර්ජාලයට සම්බන්ද වෙන්නත් පුලුවන් මේ හැමදේකටම අපිට SIM එකක් දාන්න වෙනවා. අද අපි කතා කරන්නේ GSM module එකෙන් call සහ SMS AT commands පාවිච්චි කරලා හසුරුවන විදිය ගැන. අපිට මේ හරහා ලෝකයේ ඕනෑම තැනක ඉදන් arduino board එකේ GSM module එකට SMS එකක් යවලා arduino board එක control කරන්න පුලුවන් (උදාහරණයක් කිව්වොත් ඔයාට ඕනම තැනක ඉදගෙන ගෙදර lights ON OFF කරන්න පුලුවන්). මේ සදහා අවශ්‍ය වෙන මූලිකම දැණුම මේ වීඩියෝ එකෙන් ගන්න පුලුවන්.

අද මම මේ වැඩේට පාවිච්චි කරේ SIM900 GSM module එකක්, arduino board එකක් සහ jumper wires කීපයක් විතරයි. වීඩියෝ එක බලලා මූලික දේවල් ටික ඉගෙන ගෙන අලුත් දෙයක් කරන්න බලන්න. ඒ වගේම වීඩියෝ එක යාලුවන්ටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා.


Spread the love