Home Solar Power Systems – Part 01 | Basic Knowledge

Spread the love

බල ශක්තිය කියන දේ අද අපිට නැතිවම බැරි දෙයක් කියල ඔයාල දන්නව ඇති. බල ශක්තිය නිපදවන ආකාර දෙකක් තියනව කියල අහල ඇති .ඒ ක්‍රම තමයි,

1.පුනර්ජනනිය බලශක්තිය 

2.පුනර්ජනනීය  නොවන බලශක්තිය 

ලෝකෙ තියන ගොඩක් රටවල් මේ පුනර්ජනනීය බලශක්තිය භවිතයට මේ වෙනකොටත් යොමුවෙලා තියෙන්නෙ. මොකද දෙවනියට කියපු ක්‍රමය දිගුකාලීනව භාවිතා කරද්දි ඒවට ගන්න සම්පත් සීමිත වෙලා යන නිසා. හැබයි අපි අද ඉඳලා කතා කරනව කොහොමද අපි අවටම තියන පුනර්ජනනීය බලශක්තියක් වෙන සූර්ය ශක්තිය භාවිතයට ගන්නෙ කියල.

අපි මේ සූර්යි ශක්තිය භාවිතයට ගනිද්දි භාවිතා කරන දෙයක් තමයි solar panel කියන්නෙ. මේ කියන solar panel system භාවිතයට ගන්න ආකාරය අනුව කොටස් දෙකක් තියනව ඒ තමයි ,

  1. GRID TIDE
  2. OFF GRID

Gride Tide ගැන කත කරොත් මේකෙදි වෙන්නෙ solar panel එකෙන් හැදෙන current එක ජාතික විදුලිබල පද්දතියට එකතු වෙන එක. හරියට නිකන් කුඩා බලාගාරයක් වගේ තමයි gride tide විදියට solar set කරපු තැනක් ක්‍රියා කරන්නෙ. හබැයි මේක අපිට තනියම හදාගන්න පුලුවන්කමක් නෑ.

Off Grid ගැන කත කරොත් මේකෙදි වෙන්නෙ solar panel එකෙන් හදන current එක අපි බැටරි වල ගබඩා කරල තියාගෙන අපිට අවශ්‍ය වෙලාවට use කරන්න පුලුවන්. ඒ වගේම අපිට මේක ගෙදරදිම හදාගන්නත් පුලුවන්. ජාතික විදුලිබල පද්ධතියට මේ නිපදවන විදුලිය සැපයීමක් කරන්නෙ නෑ.

 Off grid panel එකක් සම්බන්ද කරදි ඕනිම වෙන දේවල් කිව්වොත් ,

  1. Solar panel
  2. Charge controller
  3. Battery 

හැබයි ඔයාලට 230v වලින් වැඩ කරන ඒව use කරනවනම් inverter එකක් use කරන්න ඕනි. ඉතින් මේ inverter ගැන කතා කරද්දි මේකෙත් ජාති දෙකක් තියනව ,

  1. Modified sine wave inverter
  2. Pure sine wave inverter

ඒවගේම charge controller වලත් වර්ග දෙකක් තියනව,

1.PWM

2.MPPT

මේවයෙ කාර්යක්ෂමතාවය, ගුණාත්මක බාවය, මිල වගේ දේවල් සලකල අපිට ගලපෙන එක තෝරගන්න පුලුවන්. 

Battery එක ගැන කතා කලොත් මේවටම පාවිච්චි කරන deep cycle battery තියනව .මේවයෙ කාර්යක්ෂමතාව ගොඩක් වැඩියි.ඒක නිස මේවගේ battery එකක්  use කරනවනම් ගොඩක් හොඳයි.

ඒත් අපිට වියදම අඩුවෙන් Vehicle Battery එකක් use කරන්න පුලුවන්.

මේ දේවල් ගැන හොඳටම දැනගන්න video එක බලන්න .ඒවගේම යාලුවන්ට මේ ගැන දැනගන්න Video එක share කරන්න අමතක කරන්නත් එපා.


Spread the love