Off Grid Solar Panel System Under Rs 20,000/- | Part 02

Spread the love

OFF GRID Solar Panel එකක් ගෙදරදිම හදා ගන්න විදියක් ගැන තමයි අපි අද කත කරන්න යන්නෙ. ඒ වගේම අපිට ගැලපෙනම Solar Panel එක,Charge Controller එක, Battery එක  තෝරගන්න විදිය ගැනත් ඔයාලට දැනගන්න පුලුවන් .    

අපි උදාහරණයක් ගැන හිතමුකො, රෑට 10W bulbs 4 ක්, 20W bulbs 1 ක් පාවිච්චි කරනවා  කියලා,

ON එකේ තියන bulbs වල මුලු වොට්(W) අගය = (10W * 4) + (20W * 1)= 60W

රාත්‍රී කාලයේ ON එකේ තියන පැය ගනන (6h යැයි ගනිමු) = 60W * 6h= 360Wh

අපිට අවශ්‍ය වොට් ගනන  = 360Wh / 4h (බල්බ් වල මුලු ඇම්පියර් පැය ගණන / 4h)= 90W

මේ අපිට අවශ්‍ය වොට් ගනනෙන් එන්නෙ අපේ solar panel එකෙන් out කරන වොට් ගණන .90W කියන්නෙ උපරිම අගය වුනාට අපි panel එක ගන්න ඕනි වෙන්නෙ 100W වගේ එකක්.

අපි ඊලගට බලමු charge controller එකක් තෝරගන්නෙ කොහොමද කියල ,

Panel එකෙන් නිපදවන ධාරාව = 100W / 12V (මුලු වොට් ගණන / 12V)= 8.33A

මේ තියෙන්නෙ panal එකෙන් නිපදවන මුලු ධාරාව (8.3A). හැබැයි අපි තෝරගන්න ඕනි වෙන්නෙ මේ අගයට වඩා ටිකක් වැඩි charge controller එකක් (20A).

Battery එකක්  තොරගන්නෙ ,

ධාරාව = 360Wh / 12V (මුලු ඇම්පියර් පැය ගණන /12V)= 30Ah

මෙතනදිත් අපි මේතියන අගය වගේ දෙගුනයක් තියන battery එකක් use කරනවනම් ගොඩක් හොඳයි. ඔයාලට කැමති විදියට මේ අගයන් වෙනස් කරල ඔයලගෙ solar system එක සෙට් කරගන්න පුලුවන් .වැඩේ හොඳටම දැනගන්න video එක බලන්න ඒවගේම යාලුවන්ට බලන්න video එක share කරන්න.


Spread the love